Tuesday, April 30, 2024

General line - 0115112241

ප්‍රහාර නිසා ඡන්දය කල් නොදමන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

ලහිරු කපුගේ




ජනාධිපතිවරණයට පෙර රට ත්‍රස්තවාදයෙන් මුදාගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ, විදෙස් මාධ්‍යයක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්. එහිදි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය නියමිත පරිදි පවත්වන බවයි. 

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ට පූර්ණ ආරක්ෂාව ලබාදෙන බවයි ජනාධිපතිවරයා මෙහිදි ප්‍රකාශ කළේ. 

මෙරට ක්‍රියාත්මක ත්‍රස්තවාදී කණ්ඩායම් මර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.