Tuesday, April 30, 2024

General line - 0115112241

මිගමුව පොලිස් ඇඳිරි නිතිය : ගුවන් මගීන්ට විශේෂ දැනුම් දීමක්




මිගමුව පොලිස් කොට්ඨාෂයට පනවා ඇති ඇඳිරි නිතිය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන ගුවන් මගින්ට සිය ගුවන් ටිකට් පත ආරක්ෂක අංශ වෙත පෙන්වා යාමට අවසර ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කර සිටිනවා.

මිගමුව පෝරුතොට ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙක් අතර ඇතිවූ බහින්බස් වීමක් දුර දිග යාම නිසා ඇතිවූ නොසන්සුන්තාවය මේ වන විට පාලනය කර ඇති බවත් ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම සදහා හෙට උදැසන 7.00 දක්වා පොලිස් ඇඳිරි නිතිය පනවා ඇති බවයි මෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.