Sunday, April 28, 2024

General line - 0115112241

තියුණු ආයුධ භාරදීමට දුන් කාලය දීර්ඝ කරයි




තමන් සන්තකයේ ඇති තියුණු ආයුධ ළගම ඇති පොලිස් ස්ථාන වෙත භාර දීමට ලබා දී තිබූ කාලය තවත් පැය 48කින් දීර්ඝ කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ එම කාලය අද (06) මධ්‍යම රාතී‍්‍ර 12.00ට අවසන් වීමට තිබූ බවයි.

ඒ අනුව නිවෙස්වල හෝ කිසියම් ස්ථානයක ඇති කඩු, කිනිසි සහ උල්පිහි ළගම ඇති පොලිස් ස්ථාන වෙත තවදුරටත් ගෙනැවිත් භාර දිය හැකි බව මෙහිදී ප‍්‍රකාශ කළා. පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු දිවයින පුරා විශේෂ සෝදිසි මෙහෙයුම් දියත් කළ අතර එහිදී කඩු, කිනිසි ඇතුළු තියුණු ආයුධ රැසක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්වුණා.