Saturday, April 27, 2024

General line - 0115112241

මෙරට ත‍්‍රස්තවාදී ක‍්‍රියාවලට සම්බන්ධ සියලූ දෙනාට කඩිනමින් නීතිමය පියවර ගත යුතු බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා කියයි

හේමන්ත කහවලගේ




ශ‍්‍රී ලංකාවේ සිදුවූ ත‍්‍රස්තවාදී ක‍්‍රියාවලට සම්බන්ධ සියලූ දෙනාට කඩිනමින් නඩු පවරා නීතිමය පියවර ගත යුතු බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙස පත්වූ ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ අද (06) අවධාරණය කළා.

ඒ, අභියාචනාධිකරණයේ 47 වෙනි සභාපති විනිසුරුවරයා ලෙසට ඔහු පිළිගැනීම වෙනුවෙන් අභියාචනාධිකරණයේදී අද පැවැති සාම්ප‍්‍රදායික උත්සවයේදීයි. එහිදී ඔහු කියා සිටියේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ ක‍්‍රමවේද අනුගමනය කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බවයි. 

ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉකුත් දා පත් කරනු ලැබුවා.

මේ අතර පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඉදිරියේදී අත්අඩංගුවට ගනු ඇතැයි වාර්තා වනවා. ඒ, පාස්කු ඉරිදා සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයට අදාළව දැනට සිදු කර ගෙන යන විමර්ශනවලට අනුවයි. ප‍්‍රහාරය වැළැක්වීමට ප‍්‍රමාණවත් පියවර නොගත් බවට මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාට චෝදනා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.