Saturday, April 27, 2024

General line - 0115112241

ජාතික ආරක්ෂාව වෙනුවෙන් මල්වතු මහ නාහිමිගෙන් යෝජනාවලියක්

හේරත් ඒකනායක - මහනුවර




ජාතික ආරක්ෂාව සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට කඩිනමින් කටයුතු කරන්නැයි මල්වතු මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් ඉල්ලීමක් කරනවා. උන්වහන්සේ මෙම ඉල්ලීම කරන්නේ එවැනි ජාතික ප්‍රකිපත්තියකදී සැලකිල්ලට ගතයුතු කරුණු කිහිපයක්ද පෙන්වා දෙමින්.

ආගමික අනන්‍යතාවන්ට ප්‍රමුඛත්වය දෙමින් ක්‍රියාත්මක බැංකු හා මූල්‍යක්‍රම ද ආගමික අධිකරණද අහෝසි කිරීම පළමු යෝජනාව වනවා. එක් ජාතියකට පමණක් සීමා වූ අධ්‍යාපන ආයතන වෙනුවට පොදු අධ්‍යාපන ආයතන සහ පොදු විෂය මාලා හදුන්වා දීමට ද ආගමික මතවාදයන් මත යැපෙමින් ආරම්භ කෙරෙන උසස් අධ්‍යාපන ආයතන තහනම් කිරීමට ද යෝජිතයි. බුර්කාව සහ නිකාබ් වැනි ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන වස්ත්‍ර ස්ථීරව තහනම් කිරීමට පියවර ගතයුතු බවද මෙමගින් යෝජනා කර තිබෙනවා. 

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි අනවසරයෙන් ශ්‍රී ලංකාවේ  රැදී සිටින පුද්ගලයින් හදුනාගෙන ඔවුන් පිටුවහල් කළයුතු බව ද මල්වතු මහනාහිමියන්ගේ යෝජනාවක්. වාර්ගික රේඛා අනුව භූමි කළාප වෙන් කිරීම නතර කරන ලෙසද ආගමික අනන්‍යතාවන් මත මුදල් අයකරමින් සිදු කෙරෙන ආහාර ප්‍රමිතිගත කිරීම් නතර කළ යුතු බවද යෝජනා කර තිබෙනවා. 

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බලවේග හදුනාගෙන ඒවාට ප්‍රතිපක්ෂව කටයුතු කිරීමට දේශීය බුද්ධි අංශ වෙත බලය දෙමින් බුද්ධි අංශ ශක්තිමත් කිරීමට ද මෙමගින් යෝජිතයි.