Sunday, April 28, 2024

General line - 0115112241

දරුවන් අද පාසල් නොආ හේතුව මන්ත්‍රී රෝහිත පැහැදිලි කරයි

දිල්ශාන් තුෂාර




2019 දෙවන අධ්‍යන වාරය සඳහා පාසල් අද විවෘත කෙරුණත් දරු දැරියන් වැඩි පිරිසක් පාසල් වලට නොපැමිනීමෙන් පෙනී යන්නේ ආණ්ඩුව කෙරෙහි ජනතාවට විශ්වාසයක් නොමැති බව යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. 

ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටීම නිසා රටේ පරිපාලනය ද බිද වැටෙන බව මෙහිදී විස්තර කෙරුණා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන එම අදහස් පළකළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය