Saturday, April 27, 2024

General line - 0115112241

ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට රථ වාහන දුන් සැකකරු ගැන තොරතුරු රැසක්

හේමන්ත කහවලගේ




පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට රථ වාහන ලබාදුන් පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ඔහු දෙමටගොඩ ප‍්‍රදේශයේ කුලී රථ සපයන්නෙකු වන බවයි හෙළිව ඇත්තේ.

මෙම පුද්ගලයා සතු කුලී රථ කාත්තන්කුඩි, මාතලේ, ගාල්ල සහ කොළඹ යන ප‍්‍රදේශවල විවිධ කටයුතු සඳහා ලබාදී ඇති බවද අනාවරණ වී තිබෙනවා.

මෙම සැකකරු ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වූ දිනයේ මීගමුව, කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය අසල ප‍්‍රදේශයේද සිට ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ. මේ සම්බන්ධයෙන් ආරක්‍ෂක අංශ පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා.