Monday, May 6, 2024

General line - 0115112241

නාවික හමුදාවට නව මාණ්ඩලික ප‍්‍රධානීවරයෙක්




නාවික හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානි ලෙස රියර් අද්මිරාල් නිශාන්ත උලූගේතැන්න පත්කර තිබෙනවා.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහු නාවික හමුදාවට එක්ව ඇත්තේ 1985 වසරේදීයි. වේග ප‍්‍රහාරක යාත‍්‍රා, ගොඩබැසීමේ යාත‍්‍රා, වේග ප‍්‍රහාරක මුර යාත‍්‍රා සහ නෞකාවන්හි අණදෙන නිලධාරී ලෙස ඔහු රාජකාරී කර තිබෙනවා.

රියර් අද්මිරාල් නිශාන්ත උලූගේතැන්න අධ්‍යක්‍ෂ නාවික අවි, අධ්‍යක්‍ෂ නාවික බුද්ධි, උතුරු විධානය භාර නියෝජ්‍ය ආඥාපති, දකුණු විධානය භාර ආඥාපති වැනි නාවික හමුදාවේ විවිධ වගකීම් ද හෙබවූ නිලධාරියෙක්.

නාවික හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානී ලෙස පත්වීම් ලැබීමට පෙර ඔහු නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානී සහ බටහිර නාවික විධානය භාර ආඥාපති ලෙස කටයුතු කළා.