Saturday, April 27, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා තව්හිද් ජමාත් සංවිධානයේ ලේකම්ට එරෙහි නඩුවක් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී කැදවයි

අධිකරණ වාර්තාකරු




බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සහ බෞද්ධ ජනතාවට අපහාස වන අයුරින් ප‍්‍රකාශ නිකුත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් නැමැත්තාට එරෙහිව ගොනු කර ඇති නඩුවක් අද කැදවනු ලැබුවා.

ඒ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේදීයි. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් 2016 වර්ෂයේදී මෙම නඩුව ගොනු කර තිබෙනවා.

නඩුව සම්බන්ධයෙන් මෙතෙක් නීතිපතිවරයාගේ උපදෙස් ලැබී නොමැති බවයි කොළඹ අපරාධ කොට්ඨාසය අද අධිකරණයට දැනුම් දුන්නේ.

ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් පිළිබද ප‍්‍රගතිය වාර්තා කිරීමට නඩුව ජූලි මස 25දා කැදවීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කාංචනා ද සිල්වා නියෝග කළා.