Sunday, April 28, 2024

General line - 0115112241

ඇමරිකානු තානාපතිනිය හා විපක්ෂ නායක අතර හමුවක්




ඇමරිකානු තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (09) පස්වරුවේ පැවැත් වුණා.

පසුගිය පාස්කු ඉරුදින සිදු වූ මිලේච්ච ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ඇමරිකානු රජයේ  කණගාටුව පළ කළ  තානාපතිතුමිය මෙම අවස්ථාවේ ශ්‍රී ලංකා රජයට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට තම රට සූදානම් බව මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම මිත්‍ර රටවල් අතර බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමෙන් තම රට වල ජාතික ආරක්ෂාව තහවුරු කර ගැනීමට හැකි බවද ඇය සඳහන් කර තිබෙනවා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, ඩී වී චානක, හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් යන මහත්වරුන්ද එක් වී සිටියා.