Sunday, April 28, 2024

General line - 0115112241

මුස්ලිම් ජනතාවට තිබෙන ප්‍රශ්ණ විසඳලා දෙන්නම්..හිත් වේදනා ඇති කරගන්න එපා - ජනපති කියයි

ලහිරු කපුගේ/ඩිල්ෂාන් මඩවල




රට ස්ථාවර කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටියදී තවත් පිරිසක් ඊට බාධා කරමින් සහ රට අස්ථාවර වනු දැකීමට කැමැත්තෙන් සිටින බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ මුස්ලිම් සිවිල් සංවිධානවල නියෝජිතයන් පිරිසක් සමග හමුවකදීයි. 

ජනතාව නොසන්සුන් කරවන වැරදී ප‍්‍රචාර රට ස්ථාවර කිරීමට ඇති ප‍්‍රමුඛ බාධාවක් බව ද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.

මෙම හමුවේදී මුස්ලිම් සංවිධානවල නියෝජිතයන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ සියලූ ත‍්‍රස්තවාදීන්ට දැඩි දඩුවම් ලබාදෙන ලෙසයි.

ඉස්ලාම් ධර්මය පිළිබද ඉගැන්වීම් සිදු කරන ආයතනවල විෂය නිර්දේශ සහ සියලූ දරුවන්ට සහජීවනය පිළිබද අධ්‍යාපනයක් ලබාදීමේ වැදගත්කමද මෙහිදී සාකච්ඡාවට ගැනුණා.

ශුද්ධ වූ කුරාණයේ ඉගැන්වීම් පිළිබද සෙසු සමාජයට ද අවබෝධයක් ලබා දීම වඩා සුදුසු බවයි මුස්ලිම් සංවිධානවල නියෝජිතයන් වැඩි දුරටත් පෙන්වා දුන්නේ.