Sunday, April 28, 2024

General line - 0115112241

ඉක්මනින් ධනවත් වූ දේශපාලනඥයින් ගැන කාදිනල් හිමියන්ට සැකයක්

දිල්ශාන් තුෂාර /ඩිල්ෂාන් මඩවල




සැකපිට අත්අඩංගුවට ගත් තැනැත්තන් විධිමත් විමර්ශණයක් නොමැතිව නිදහස් කරවා ගැනීමට යම් දේශපාලනඥයෙකු උත්සාහ කරන්නේ නම් එය දැඩිව හෙළා දකින බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

සැකසහිත ලෙස ධනවත් වූ දේශපාලනඥයින් පිළිබද ජාතික මට්ටමේ විමර්ශනයක් සිදුකළ යුතු බවයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ. ශි‍්‍ර ලංකා කතෝලික රදගුරු සම්මේලන ශාලාවේ අද පැවැති මාධ්‍ය හමුවකදී මෙම කරුණු ප‍්‍රකාශ කෙරුණා. 

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු තාවකාලිකව නතර කෙරෙණු කතෝලික දේවස්ථානයන්හි දේව මෙහෙයන් මෙම සති අන්තයේ  සිට නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද කාදිනල් හිමිපාණන් මෙහිදි කියා සිටියා.

තවදුරටත් වසා තබා ඇති කතෝලික පෞද්ගලික පාසල් පිළිබදවද මෙහිදි ප‍්‍රශ්න කෙරුණා. ඊට පිළිතුරු දෙමින් කාදිනල් හිමිපාණන් පැවසුවේ එම පාසල් ලබන අගහරුවාදා විවෘත කිරීමට බලාපොරොත්තුවක් ඇති බවයි. 

මෙම මාධ්‍ය හමුවට සහභාගී වීමට පෙර කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ රටපුරා සෙසු රදගුරු හිමිවරුන් ජනාධිපතිවරයා සමග සාකච්ඡුාවකටද සහභාගි වුණා. එම සාකච්ඡුාව ද පැවැත්වුණේ ශි‍්‍ර ලංකා කතෝලික රදගුරු සම්මේලන ශාලාවේදීයි.