Saturday, April 20, 2024

General line - 0115112241

වතු කම්කරුවන් පිරිසකට බඹර ප‍්‍රහාරයක්




බගවන්තලාව පොලිස් වසමට අයත් බොගවාන වතු යායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (30) පස්වරුවේ බඹර ප‍්‍රහාරයක් එල්ල වුණා.

එහිදී තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් දස දෙනෙකු බගවන්තලාව ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඉන් කාන්තාවන් 6 දෙනෙකු ප‍්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර අනෙක් සිව් දෙනා රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවද නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළා.

bambara www.nethnews.lk0001 bambara www.nethnews.lk0002 bambara www.nethnews.lk0003 bambara www.nethnews.lk0004