Wednesday, May 1, 2024

General line - 0115112241

වැරදිකරු වුනොත් වෛද්‍ය සාෆිට දඬුවම් දෙන බව සෞඛ්‍ය ඇමති කියයි

සමීර ගොඩපිටිය




කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි කිසියම් වරදක් කර ඇත්නම් ඔහුට දඬුවම් ලබා දීමට මැලි නොවන බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. කාන්තාවන්ගේ නීති විරෝධී වඳ සැත්කම් සිදු කළ බවට චෝදනාවට ලක්ව සිටින්නේ මෙම වෛද්‍යවරයායි. ඔහු සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයද තවත් විමර්ශනයක් සිදු කරන බවයි අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ. අරලියගහ මන්දිරයේ අද (27) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කෙරුණා. 

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණ කිහිපයකට ද අමාත්‍ය රාජිත සේනාරත්න මෙහිදී පිළිතුරු ලබා දුන්නා. 

මේ අතර වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි සම්බන්ධයෙන් මව්වරුන් 20කට ආසන්න පිරිසක් අද දහවල් වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත පැමිණීලි ඉදිරිපත් කර තිබුණා. මෙම වෛද්‍යවරයා විසින් සිදු කෙරුණු සැත්කම් සම්බන්ධයෙන් පැමිණිලි තිබේනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද ඉදිරිපත් කළ හැකියි.