Wednesday, May 1, 2024

General line - 0115112241

ත්‍රස්තවාදය සහ අන්තවාදයට එරෙහිව නව නිතිමාලාවක් ඉක්මනින් ගෙනා යුතුයි - ඇමති පාඨලී චම්පික

හේමන්ත කහවලගේ




ත්‍රස්තවාදය සහ අන්තවාදය වළක්වාලීම සඳහා වූ ස්ථිර නීති මාලාවක් කඩිනමින් සකස් කරගත යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පෙන්වා දෙනවා. එසේ නොමැතිව හදිසි නීතිය දිගටම පවත්වාගෙන යාම සුදුසු නොවන බවයි අමාත්‍යවරයා පැවසුවේ. අද පෙරවරුවේ අස්ගිරි සහ මල්වතු මහ නා හිමිවරුන් බැහැදැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම කරුණු දැක්වුවා. 

“රට රකින රට හදන ජාතික මග” වැඩසටහන පිළිබඳ මහ නායක හිමිවරුන් දැනුවත් කිරීමට ද තමන් අද කටයුතු කළ බවයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙහිදී පැවසුවේ.