Wednesday, May 1, 2024

General line - 0115112241

සාලිගෙන් ප්‍රශ්න නොකරන්නේ ඇයි? පොදුජන පෙරමුණට තවම ප්‍රශ්ණයක්

සමීර ගොඩපිටිය




වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි වරදකරුවෙකු නොවන බවට ආණ්ඩුකාර අසාද් සාලි කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද (27) ප්‍රශ්ණ කළා. ඔහු විමසා සිටියේ විධිමත් විමර්ශනයකින් තොරව මෙවැන්නක් ප්‍රකාශ කිරීමට ආණ්ඩුකාරවරයාට ඇති හැකියාව හෝ බලය කුමක්ද යන්නයි.  

" වෛද්‍ය සාෆි අත්අඩංගුවට අරගෙන පොලිසිය ඊයේ දිනයේදී ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීලා තියෙන්නේ. ඔහුගෙන් ප්‍රශ්න කරන්න කලින්ම අසාද් සාලි ආණ්ඩුකාරවරයා කියනවා මේ වෛද්‍යවරයා නිර්දෝෂී කියලා. එතකොට ඔහුද දැන් පරීක්ෂක? ඔහු මේ වෛද්‍යවරයා වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කරලා සුදු හුණු ගාන්න පටන් අරන් ඉන්නේ යැයි" මන්ත්‍රීවරයා කියා සිටියා.

මෙහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ " මේ ආණ්ඩුකාරවරයා මිට කලින් කිව්වා ත්‍රස්තවාදීන් සමග විනිසුරුවරුන් එකතු වෙලා ඉන්නවා කියලා. ඒ කරපු ප්‍රකාශය ගැන මේ වෙනකම් ඔහුගෙන් ප්‍රශ්න කිරීමක් සිදුවුනේ නැහැ. ඒක රට ඉදිරියේ ප්‍රශ්නයක්? කව්ද මේකට සම්බන්ධ නඩුකාරවරුන් කියලා. දැන් මේ අසාද් සාලි ආරක්ෂක උපදේශක වෙලා ඉන්නේ. බල්ලෝ අරන් යන්නේ කොහොමද, පල්ලි පරික්ෂා කරන්න ඕනේ කොහොමද කියලා ආරක්ෂක අංශ වලට උපදෙස් දෙන්නේ දැන් ඔහුයි".

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන එම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (27) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි.