Thursday, May 9, 2024

General line - 0115112241

අසාද් සාලිට එරෙහිව කලූතරදී විරෝධතාවක්

සැම්සන් පේ‍්‍රමසිරි




බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලිට එරෙහි විරෝධතාවක් අද කලූතර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වුණා.

ඒ, කලූතර ප‍්‍රදේශයේ භික්ෂූන් වහන්සේලාගේද ප‍්‍රධානත්වයෙන්.

ආණ්ඩුකාර අසාද් සාලි එම අවස්ථාවේ කලූතර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ පැවැති දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ රැස්වීමට සහභාගී වෙමින් සිට තිබෙනවා. මෙම විරෝධතාවය හේතුවෙන් ආණ්ඩුකාරවරයා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ දිස්ති‍්‍රක් ලේකම්කාර්යේ පිටුපස දොරටුවෙන් පිටව ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

මේ අතර මෙම සම්බන්ධීකරණ රැස්වීම සඳහා සහභාගී වීමට පැමිණි කලූතර දිස්ති‍්‍රක්කයේ පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් ද ඊට සහභාගී නොවී එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

ඒ, තමන්ට සරිලන ආරක්ෂාවක් දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය තුළ නොමැති බව පවසමින්.