Thursday, May 2, 2024

General line - 0115112241

ලෝක කුසලානයේ පළමු ජය සත්කාරක එංගලන්තයට

කසුන් කැළුම්/ ඩිල්ෂාන් මඩවල




2019 ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (30) පැවැති පළමු තරගයේදී ජය හිමිකර ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්වුණා. ඒ, දකුණු අපි‍්‍රකාව ලකුණු 104කින් පරාජය කරමින්. 

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුළු 08ක් දැවී ලකුණු 311ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට පන්දුවාර 39යි පන්දු 5 කදී සියලූ දෙනා දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 207ක් පමණයි. පන්දු 79කදි ලකුණු 89ක් ලබා ගනිමින් පිත්තෙන් සහ ලකුණු 12කට කඩුළු 02ක් දවා ගනිමින් පන්දුවෙන් ද දක්ෂතා දැක්වූ එංගලන්ත කණ්ඩායමේ බෙන් ස්ටෝක්ස් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා.

මේ අතර එංගලන්තය සහ දකුණු අපි‍්‍රකාව අතර ඊයේ තරගය පැවැත්වුණේ ලන්ඩන් නුවර  ඕවල් කී‍්‍රඩාංගනයේදීයි. ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියක් එංගලන්තයේ පැවැති අවස්ථාවලදී, එංගලන්තය එහි පළමු තරගය ජය ගත් 05වන අවස්ථාවද  මෙය වනවා. මීට පෙර ඔවුන් මෙම  දක්ෂතාව දැක්වූයේ 1975, 1979, 1983 සහ 1999 යන වසර වලදීයි. 

2019 ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලිය වෙනුවෙන් නෙත් ස්පෝට්ස්මන් සකස් කරන විශේෂාංග මාලාවෙන් අද සලකා බැලුනේ එංගලන්ත කණ්ඩායම පිළිබඳවයි.

එම විශේෂ වැඩසටහන පහතින්,