Wednesday, May 8, 2024

General line - 0115112241

රතන හිමි තවමත් උපවාසයේ - සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට

සමන්ත කුමාර/දිල්ෂාන් තුෂාර/රවීන්ද්‍ර චන්ද්‍රලාල්




අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ අසාද් සාලි, එම්. ඒ. එල්. එම් හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් එම තනතුරුවලින් ඉවත් කරන්නැයි ජනාධිපතිවරයාට බලකරමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසය තවදුරටත් කි‍්‍රයාත්මක වනවා.

ඊයේ පෙරවරුවේ එම උපවාසය ආරම්භ කළ උන්වහන්සේ මේ දක්වා ආහාර නොගෙන සිටීම හේතුවෙන් උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ක‍්‍රමයෙන් පිරිහෙමින් පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ඒ පිළිබද වැඩිදුර තොරතුරු නෙත් නිවුස් මහනුවර වාර්තාකරු කමල් සුරවීරගෙන්.

මේ අතර පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහාය පළ කරමින් ඒකාබද්ධ විපක්‍ෂය හා එක්ව සිටින ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් වියලේන්ද්‍රන්ද අද උපවාසයක් ආරම්භ කළා. ඒ, මඩකලපුව ගාන්ධි උද්‍යානයේදීයි. 

මේ අතර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මෙලෙස අදහස් පළ කළා.

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජේපාල හෙට්ටිආරච්චි ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසය සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජේපාල හෙට්ටිආරච්චි.