Thursday, May 9, 2024

General line - 0115112241

ඕනෑම මැතිවරණයකට සුදානම් - මැතිවරණ කොමිසමේ සභාපති කියයි




ජනාධිපතිවරණය හෝ පළාත් සභා මැතිවරණය හෝ ප්‍රථමයෙන් පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් සඳහා මැතිවරණ කොමිෂන් සභාව සූදානම් බව එහි සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

ජනාධිපතිවරණය දෙසැම්බර් 07වනදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පවසා ඇතැයි ජනාධිපතිවරයා ඉන්දියාවේදී ඊයේ ප්‍රකාශයක් සිදු කර තිබුණා. ඒ පිළිබඳ මොරටුව, එගොඩඋයන ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මේ බව සඳහන් කළා.