Thursday, May 9, 2024

General line - 0115112241

කෝටියක රන්භාණ්ඩ සමග පවිත්‍රතා සේවිකාවක් කටුනායකදී අත්අඩංගුවට

ටී කේ ජී කපිල - කටුනායක




රුපියල් එක් කෝටි 15,000ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් කටුනායක ගුවන් තොටුපළින් පිටකිරීමට තැත් කළ ගුවන් තොටුපළ පවිත්‍රතා සේවිකාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් ජයරත්න පැවසුවේ 55 හැවිරිදි කටුනායක ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

සැකකාරියට මෙම ස්වර්ණාභරණ තොගය ලබා දී ඇත්තේ ගුවන් තොටුපළ සංක්‍රමණික මගී පර්යන්තයේ සිටි මගියෙකු විසින්. එම ස්වර්ණාභරණ තොගය ඇය සිය පිරිසිදු කිරීමේ උපකරණ සහ රසායනික ද්‍රව්‍ය බහා රැගෙන යන ට්‍රොලියක ආධාරයෙන් පොලිතීන් මල්ලක සඟවයා ගුවන් තොටුපළින් පිටතට රැගෙන යාමටයි තැත කර ඇත්තේ.

මෙහිදී සැකකාරිය සතුව තිබී කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 187ක ස්වර්ණාභරණ සොයා ගැනුණා. සැකකාරිය මෙම ජාවාරම දිගු කලෙක සිට සිදු කරන්නට ඇති බවටයි රේගු නිලධාරීන් සැක පළ කරන්නේ.