Sunday, May 5, 2024

General line - 0115112241

චෝදනා ඇති පුද්ගලයින් අත්අඩංගුවට ගතයුතු බව SB කියයි

දිල්ශාන් තුෂාර




හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්‍ෂ නායකයින් සමග සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. බී. දිසානායක පවසනවා. රිෂාඞ් බදියුදීන් මේ වනවිටත් අමාත්‍ය ධුරයෙන් ඉවත් වී ඇති බැවින් විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම අත්‍යවශ්‍ය නොවන බවද මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කළා.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. බී. දිසානායක පැවසුවේ ආණ්ඩුකාර ධුරවලින් සහ අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වූ පමණින් ගැටළුවලට විසදුම් නොලැබෙන බවයි. ඒ අනුව අන්තවාදීන්ට සහාය දැක්වූ බවට චෝදනා පවතින පුද්ගලයින් අත්අඩංගුවට ගතයුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මේ අතර ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක කියාසිටියා.

පාර්ලිමේන්තුව තුළ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ හැකි වන්නේ අමාත්‍යවරයෙකුව සිටින අයෙකුට එරෙහිව පමණක් බැවින් ඒකාබද්ධ විපක්‍ෂය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අහෝසි වන බවද බිමල් රත්නායක මන්තී‍්‍රවරයා මෙහිදී කියාසිටියා.