Sunday, May 5, 2024

General line - 0115112241

අමිත් වීරසිංහට ඇප

අධිකරණ වාර්තාකරු




මහජන සාමය සහ  ආගමික සංහිඳියාව කඩ කිරීම ආදී චෝදනා මත අත්අඩංගුවට ගත් මහසොහොන් බළකායේ නායක අමිත් වීරසිංහ නැමැත්තා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා අද (04)  නියෝග කළා.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අතිරේක මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළා.

ආගමික සහජීවනයට බාධා වන ආකාරයේ අදහස් සැකකරු විසින් අන්තර්ජාලයට මුදා හැර ඇති බවට වන චෝදනා මත පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.