Sunday, May 5, 2024

General line - 0115112241

පවතින තත්ත්වය ගැන සාකච්ඡා කරන්න පක්ෂ නායක රැස්වීමක්

හර්ෂිකා සංජීවනී/දිල්ශාන් තුෂාර




රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විශේෂ පක්‍ෂ නායක රැස්වීමක් අද (04) කැඳවා තිබෙනවා. ඒ, කථානායක කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන්. පස්වරු 3.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම පක්‍ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මුස්ලිම් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් එම ධුරවලින් ඉල්ලා අස්වීමත් සමග ඇති වන තත්ත්වයන් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

පුරප්පාඩු වී ඇති අමාත්‍ය ධූර සදහා සුදුස්සන් පත් කරන්නේද යන්න පිළිබඳව ද එහිදී සාකච්ඡා කරනු ඇති. එමෙන්ම ඉදිරි දිනවල පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳවද මෙම පක්‍ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.