Sunday, May 5, 2024

General line - 0115112241

හිටපු ඩී අයි ජී නාලකගෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පැය දෙකහමාරක ප්‍රකාශයක්

සමන්ත කුමාර




පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන්  සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අද (04) සාක්ෂි ලබා දුන්නා. පස්වරු 3.30 සිට පස්වරු හය පමණ වනතුරු ඔහු පාර්ලිමේන්තු විහේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදුන් බවයි නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙය වූ බව කියන සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට තමන් අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ලබාගෙන තිබුණු බවද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා විශේෂ කාරක සභාව හමුවේ කියා සිටියා. 

මේ අතර මෙම විශේෂ කාරක සභාව මාධ්‍යට විවෘත කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට එල්ල වන චෝදනා වලටද අද එම සභාවේ කටයුතු ආරම්භ වන අවස්ථාවේදී කරුණු පැහැදිලි කෙරුණා. මේ එම කමිටුව හමුවේ වැඩ බලන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න.

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එළඹෙන 6 වනදා පෙරවරු 11 ට යළි රැස් වීමට නියමිතයි. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර එදිනට සාක්ෂි විමසීම සඳහා කැදවීමට නියමිතයි.