Sunday, May 5, 2024

General line - 0115112241

සාලාව අවි ගබඩාව පිපිරී අදට වසර තුනයි - ගැටලු තවමත් විසදී නෑලු

සජිත් තිලකරත්න




සාලාව අවි ගබඩාව පිපිරී අදට වසර 3 ක් ගත වනවා.

එහෙත් මේ දක්වා පිපිරීමෙන් විපතට පත්වූවන්ගේ ගැටළු විසදා අවසන් කර නොමැති බවයි සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුව පවසන්නේ.

එහි ලේකම් චන්දන සූරියආරච්චි වැඩි දුරටත් පෙන්වා දුන්නේ "2016 ජූනි 05 වැනිදා මෙම සිදුවීම සිදු වුණේ. ග්‍රාම සේවා වසම් 13ක ජනතාවට මේ නිසා විවිධ මට්ටමේ ගැටලුවලට මුහුණ දෙන්නට සිදු වුණා. රජය සහ තක්සේරු දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් සිදු කරපු මැදිහත්වීමේ දුර්වලතා නිසා ජනතාවට දැඩි අසාධාරණයක් සිද්ධවෙලා තියෙනවා. " යනුවෙනි.