Sunday, May 5, 2024

General line - 0115112241

වෙඩි නොවදින වාහනයේ යෝජනාව ජනපති ඉවතට දමයි

දිල්ෂාන් තුෂාර




විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථයක් ලබාදීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාව ඊයේ (04) කැබිනට් මණ්ඩලයේදී ප‍්‍රතික්‍ෂේප වී තිබෙනවා.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් එම යෝජනාව ප‍්‍රතික්‍ෂේප කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ දැනටමත් වෙඩි නොවදින රථ 3 ක් විපක්‍ෂ නායකවරයා වෙත ලබාදී ඇති බවයි. විපක්‍ෂ නායකවරයා වෙත වෙඩි නොවදින මෝටර් රථයක් ලබාදීමේ යෝජනාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා. 

මේ අතර ආණ්ඩුවෙන් ඉවත් වූ මුස්ලිම් අමාත්‍යවරු සම්බන්ධයෙන්ද ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වී තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ චෝදනාවට ලක්ව ඇති සියළු දෙනා සම්බන්ධයෙන් මසක් ඇතුළත කඩිනමින් පරීක්‍ෂණ පවත්වා අවසන් කරන ලෙසයි. මුස්ලිම් අමාත්‍යවරුන් සියළු දෙනා තනතුරුවලින් ඉවත්වීම භයානක තත්ත්වයක් බවද ජනාධිපතිවරයා පවසා තිබෙනවා.