Sunday, April 28, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාව සමගින් ශ්‍රී ලංකාව අද තරග බිමට

කසුන් කැළුම්




ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර තරගය අද පැවැත්වෙනවා. ඒ, ලන්ඩන්හිදීයි. 

ශී‍්‍ර ලංකාව මෙවර තරගාවලියේ මේ දක්වා තරග 4කට සහභාගි වී එක් තරගයක් ජය ගෙන එක් තරගයක් පරාජයට පත්ව සිටිනවා. තවත් තරග දෙකක් වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණා. 

ඒ අනුව ශී‍්‍ර ලංකාව ප‍්‍රසාද ලකුණු 4 ක් හිමි කර ගෙන එම ලකුණු සටහනේ 5 වන ස්ථානයේ රැදී සිටිනවා.  

ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම තරග 4 කට සහභාගි වී තරග 3 ක් ජයගෙන ඇති අතර එක් තරගයකින් පරාජයට පත් වුණා. ප‍්‍රසාද ලකුණු 6 ක් සමග ඔවුන් එම ලකුණු සටහනේ 3 වන ස්ථානයේ රැදී සිටිනවා.