Sunday, April 28, 2024

General line - 0115112241

ඉස්ලාම් අන්තවාදය පරාජය කරනා අයුරු ඥාණසාර හිමියන් කියයි

රවීන්ද්‍ර චන්ද්‍රලාල්/ සජිත් තිලකරත්න




ඉස්ලාම් අන්තවාදය පරාජය කළ හැක්කේ ආගමික සංකල්පවලින් පිළිතුරු දීමෙන් බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසනවා. 

හබරාදූව, කටුකුරුන්ද පුරාණ විහාරස්ථානයේ පැවති පිංකමකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියාසිටියා.

එළඹෙන ජූලි මස 7 වනදා මහනුවරදී භික්‍ෂූන් වහන්සේ දස දහසකගේ සහභාගිත්වයෙන් සඟ සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් එහිදී කියාසිටියා.