Monday, April 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ චෝදනා අයි.සී.සීය ප්‍රතික්ෂේප කරයි

කසුන් කැලුම් /සමන්ත කුමාර




ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරගය අද පැවැත්වෙනවා. 

ඒ, ලන්ඩන්යේ කෙනින්ටන්  ඕවල් කී‍්‍රඩාංගණයේදීයි. තරගය පැවැත්වීම සදහා සුදුසු කාලගුණ තත්ත්වයක් මේ වනවිට එහි පවතිනවා. ශී‍්‍ර ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව ලෝක කුසලාන තරගවලදී අවස්ථා නවයකදී එකිනෙකා හමුවී තිබෙනවා. 

ඉන් තරග 7 ක් ජය ගෙන ඇත්තේ  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමයි. ශී‍්‍ර ලංකාව එක් තරගයක් ජයගෙන තිබෙනවා. ඒ, 1996 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයයි. 

මේ අතර මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට අඩු සැලකිලි දැක්වීම සම්බන්ධයෙන් කණ්ඩායමේ කළමණාකරු අසන්ත ද මෙල් අයි සී සී ය වෙත පැමිණිල්ලක් කර තිබෙනවා. ඔහු පවසා ඇත්තේ පෙර පුහුණුවීම් සදහා ශී‍්‍ර ලංකා පිළට ලබාදී ඇති තණතීරු මෙන්ම නවාතැන් පහසුකම්ද ප‍්‍රමාණවත් මට්ටමක නොමැති බවයි. අද තරගය පැවැත්වෙන  ඕවල් තණතීරුවද  ඕස්ටේ‍්‍රලියාවට වාසිදායක අයුරින් සකසා ඇති බවටයි ඔහු චෝදනා කර ඇත්තේ. 

කෙසේ වෙතත් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය එම චෝදනා ප‍්‍රතික්‍ෂේප කර තිබෙනවා. ස්වාධීන උපදේශකයන් යටතේ අදාළ තණතිලි සකස් කර ඇති බවයි ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය ප‍්‍රකාශ කර ඇත්තේ.