Saturday, April 27, 2024

General line - 0115112241

දුම්රිය වෘත්තීය සමිති වැඩවර්ජනයකට සැරසෙයි

සජිත් තිලකරත්න




ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ලබන 19 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක වැඩවර්ජනයක් ආරම්භ කරන බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ පැවසුවේ.

ඊට දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන් සහ පාලකවරුන්ද එක්වන බව ඔහු ප්‍රකාශ කළා.