Sunday, May 5, 2024

General line - 0115112241

අද තරගයේ ශ්‍රී ලංකා මැද පෙළ වෙනසක් - අවිශ්ක ප්‍රනාන්දුට අවස්තාව ?

කසුන් කැළුම්




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර තරගය අද පැවැත්වෙනවා. ඒ ලීඩිස්හිදීයි. මෙරට වේලාවෙන් පස්වරු 03ට පමණ තරගය ආරම්භවීමට නියමිතයි. 

1999 වසරින් පසු ලෝක කුසලාන තරගාවලියකදී ශ‍්‍රී ලංකා පිල පරාජය කිරීමට එංගලන්ත කණ්ඩායමට හැකිවී නැහැ. 2007, 2011 සහ 2015 යන වසරවල පැවති ලෝක කුසලාන තරගාවලදී එංගලන්තය සමග පැවති සෑම තරගයක්ම ශී‍්‍ර ලංකා කණ්ඩායම ජය ගෙන තිබෙනවා. 

අද තරගයේදී අවිශ්ක ප‍්‍රනාන්දුට අවස්ථාවක් ලබා දීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ අවධානය යොමුව තිබෙනවා. බොහෝවිට ඔහු මැද පෙළ පිතිකරුවෙකු ලෙස කණ්ඩායමට එක්වනු ඇති බවයි වාර්තා වන්නේ.