Saturday, April 27, 2024

General line - 0115112241

පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතාව කොළඹ රාජකීය විද්‍යාලීයට

කසුන් කැලුම්




අඛණ්ඩව තුන්වන වරටත් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලීය කණ්ඩායම අද පස්වරුවේ සමත් වුණා. ඒ, මරදාන සාන්ත ජෝෂප් විද්‍යාලීය කණ්ඩායම ලකුණු 24 ට 17 ක් ලෙස පරාජය කරමින්.

පළමු අර්ධයේදී ලකුණු 14 ට 10 ක් ලෙස පෙරමුණ ගෙන සිටියේ කොළඹ රාජකීය විද්‍යාලීය කණ්ඩායමයි. මෙම තරගය කොළඹ රාජකීය විද්‍යාලීය කී‍්‍රඩාංගණයේදී පැවැත්වුණා.