Sunday, April 28, 2024

General line - 0115112241

ඉන්දියාවේ පරාජයත් සමග ශ්‍රී ලංකාවත් ඉවතට විසි වේ

ඩිල්ෂාන් මඩවල- විදෙස් මාධ්‍ය ඇසුරෙන්




මෙවර ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ‍්‍රී ලංකාවට ඇති අවස්ථාව අහිමි වී ගොස් තිබෙනවා.

ඒ, ඊයේ (30) පැවති තරගයේදී ඉන්දියාව පරාජය කරමින් එංගලන්තය ලැබූ ජයග‍්‍රහණයත් සමගයි.

මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයෙන් ඉවතට විසි වී ගිය 04 වන කණ්ඩායමද ශ‍්‍රී ලංකාව වනවා.

මීට පෙර ඇෆ්ගනිස්ථානය, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප‍්‍රිකාව යන කණ්ඩායම් අවසන් පූර්ව වටයෙන් ඉවතට විසිවුණා. 

ඊයේ පැවති තරගයේදී ඉන්දියාව පරාජය කරමින් එංගලන්තය ලබාගත්තේ ලකුණු 31ක ජයග‍්‍රහණයක්. පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලූ 07ක් දැවී ලකුණු 337ක් රැස්කර ගත්තා.

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ ඉන්දියාව නියමිත පන්දුවාර 50දී කඩුලූ 05ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 306ක් පමණයි.  

මේ අතර මෙවර ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහභාගී වන 08වන තරගය අද (01) පැවැත්වෙනවා. ශ‍්‍රී ලංකාව එහිදී තරග වදින්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි. එංගලන්තයේ චෙස්ටර්ලී ස්ටී‍්‍රට්හිදී ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 03.00ට මෙම තරගය ආරම්භ වනවා.