Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දැන් තියෙන ප්‍රමුඛ ගැටලුව ගැන අසන්තද මෙල් කතා කරයි




පිතිකරුවන්ගේ මන්දගාමී ලකුණු රැස්කිරීම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම දැන් මුහුණදී සිටින ප‍්‍රමුඛ ගැටළුවක් බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අසන්තද මෙල් පවසනවා. 

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ කණ්ඩායමට තවත් පිතිකරුවෙකු ඇතුළත් කළහොත් සෙසු පිතිකරුවන්ට ඇති පීඩනය අවම වනු ඇති බවයි.

ජීවන් මෙන්ඩිස් සහ ධනංජය සිල්වා කණ්ඩායමට ඇතුළත්ව සිටින්නේ පන්දු යවන්නන් ලෙස බවද ඒ අනුව නිත්‍ය පිතිකරුවෙකුගේ රාජකාරිය ඔවුන්ගෙන් අපේක්ෂා කළ නොහැකි බවද අසන්ත ද මෙල් පවසනවා. 

ලහිරු තිරිමාන්න හෝ මිලින්ද සිරිවර්ධන කණ්ඩායමට ඇතුළත් කිරීම වඩාත් සුදුසු බවයි ඔහු පෙන්වා දෙන්නේ. 

දකුණු අප‍්‍රිකාව සමග තරගයේ දී ද ශ‍්‍රී ලංකා පිතිකරුවන්ගේ මන්දගාමී පිතිකරණය සම්බන්ධයෙන් විවේචන එල්ල වුණා. මෙම තරගයේ ශ‍්‍රී ලංකා ඉණිමේ නියමිත පන්දු 300න් පන්දු 183ක්ම ලකුණු ලබානොගත් ඒවායි. 

මේ අතර ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහභාගී වන 08වන තරගය අද (01) පැවැත්වෙනවා. එහිදී ශ‍්‍රී ලංකාව තරග වදින්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගයි.