Saturday, April 27, 2024

General line - 0115112241

ලෝක කුසලානයට යන තවත් තීරණාත්මක තරගයක් අද

කසුන් කැළුම් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුස්සන් තේරෙන තවත් තීරණාත්මක තරගයක් චෙස්ටර්ලීහිදී අද (03) පැවැත්වෙනවා. ඒ, සත්කාරක එංගලන්තය සහ නවසීලන්තය අතරයි.

මේ වනවිට ප‍්‍රසාද ලකුණු සටහනේ ලකුණු 11 ක් ලබා තෙවන ස්ථානයේ පසුවන නවසීලන්තය අද තරගය ජයගත හොත් ඔවුන් ඍජුවම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා.

එංගලන්ත කණ්ඩායම අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් මෙම තරගය ඔවුන්ටද වැදගත්. එංගලන්ත කණ්ඩායම ප‍්‍රසාද ලකුණු සටහනේ සිව් වන ස්ථානයේ පසුවන්නේ ලකුණු 10 ක් ලබා ගනිමින්.

පාකිස්තානු කණ්ඩායම එම සටහනේ ප‍්‍රසාද ලකුණු 9 ක් ලබා එම සටහනේ 5 වන ස්ථානයේ පසු වනවා. බංග්ලාදේශ කණ්ඩායම සමග ඉදිරියේ පැවැත්වෙන තරගය ජයගත හොත් පාකිස්තානු කණ්ඩායමටද අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු තැබිය හැකියි.

අද තරගය එංගලන්ත කණ්ඩායම ජය ගෙන, පාකිස්තානු කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ජය වාර්තා කළ හොත් අවසන් පූර්ව වටයට තේරි පත් වන සිව් වන කණ්ඩායම තෝරා පත්වන්නේ දල ලකුණු වේගයට අනුවයි. ඒ අනුව නවසීලන්තය සහ පාකිස්තානය ලබා ගන්නා දල ලකුණු වේගවලට අනුව එම කණ්ඩායම සුදුසුකම් ලබනු ඇති.