Thursday, May 2, 2024

General line - 0115112241

අතරමග නතර කර තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් යළිත්

හේමන්ත කහවලගේ/ලහිරු කපුගේ




අතරමග නතර කර තිබූ මාතර - හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කර තිබෙනවා.

ඒ, ඉදිකිරීම් කටයුතු සිදු කරන චීන සමාගමේ නියෝජිතයින් සහ මහාමාර්ග අමාත්‍යංශයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් පසුවයි.

ඔවුන් මෙලෙස අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නතර කිරීමට තීරණය කර තිබුණේ මාස 10කින් ගෙවීමට තිබූ මුදල් මෙතෙක් නොගෙවීම හේතුවෙන්. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චිගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මුදල් නොගෙවීම හේතුවෙන් ඉදිකිරීම් නතර කරන බවට අදාළ සමාගම ලිඛිතව දැනුම් දී තිබු බවයි.

මුදල් ගෙවීමේ ගැටළුව හැර සෙසු ගැටළුවලට විසඳුම් ලබාදුන් බවත් හිඟ මුදල් ගෙවීමට අදාළ තීන්දුව ලබන 09 වැනිදා ගන්නා බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. මුදල් ගෙවීමට අදාළ තොරතුරු ඉකුත් වසරේ ඔක්තෝබර් 26 වැනිදා ලබාදුන්නද සිදු වූ ආණ්ඩු පෙරළිය හේතුවෙන් මුදල් ලබා ගැනීමට නොහැකි වූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි වැඩිදුරටත් ප‍්‍රකාශ කළා. 

2015දී ආරම්භ කෙරුණු ඉදිකිරීම් කොන්ත‍්‍රාත් කාලය ලබන නොවැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිතයි.