Sunday, May 5, 2024

General line - 0115112241

අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයට සම්බන්ධ ත‍්‍රස්ත සංවිධානය විනාශ කළ බව ජනපති කියයි




අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයට සම්බන්ධ ත‍්‍රස්ත සංවිධානය මේ වන විට ශ‍්‍රී ලංකාවේ විනාශ කර තිබෙන බවත්, අද රටේ ස්ථීර සාර සාමයක් ගොඩනැගී තිබෙන අතර ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිඳු ගැටලූවක් නොමැති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ පොළොන්නරුව ආනන්ද විද්‍යා නිකේතනයේ ඉදිකෙරුණු දෙමහල් භික්ෂු නේවාසිකාගාර ගොඩනැගිල්ල සඝ සතු කොට පූජා කිරීමේ අවස්ථාවට අද (05) පස්වරුවේ එක්වෙමින්. රුපියල් ලක්ෂ 133ක මුදලක් වැය කරමින් මෙම අංග සම්පූර්ණ භික්ෂු නේවාසිකාගාරය ඉදිකර තිබෙනවා.

උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය වසර හතරහමාර තුළ කිසිඳු යුගයක නොවු අයුරින් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත්, නිදහසත් ශක්තිමත් කිරීමට තමා කටයුතු කළ බවයි.

රජය ගෙන ගිය වැඩසටහන් සමග සියලු ජනතාව අවබෝධයෙන් ජීවත්වන සාමකාමී තත්ත්වයක් රට තුළ ගොඩනැගී තිබූ අතර, අපේ‍්‍රල් 21 ත‍්‍රස්ත ප‍්‍රහාරයත් සමග බලාපොරොත්තු නොවූ තත්ත්වයක් රටේ නිර්මාණය වුව ද මේ වන විට නැවත රට තුළ සාමකාමී පරිසරයක් ගොඩනැගී තිබෙන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

එම තත්ත්වය තුළ අද සියලූදෙනාට පැවරී ඇති වගකීම වන්නේ රටත්, ජනතාවත් වෙනුවෙන් රටේ සංවර්ධන වැඩපිළිවෙල කඩිනමින් සහ ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම බව ද ජනාධිපතිතුමා සඳහන් කළා.