Sunday, May 5, 2024

General line - 0115112241

වහබ්වාදය මෙරටට පැමිණි ආකාරය නවීන් හෙළිකරයි

ජූඩ් සමන්ත




වහබ්වාදය මෙරටට පැමිණ ඇත්තේ සෞදි අරාබියෙන් යැයි තමන් නොබියව ප‍්‍රකාශ කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක පවසනවා.

තමන්ට බලයක් ඇත් නම් සෞදි අරාබියේ සේවය කරන ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයන් සියළු දෙනා වහාම ශී‍්‍ර ලංකාවට ගෙන්වා ගන්නා බවයි හලාවත ප‍්‍රදේශයේදී අද (05) පැවති උත්සවයකදී අමාත්‍යවරයා කියාසිටියේ.

එහිදී "මම දැඩි තීරණයක් ගන්න කැමතියි.. මට ඒ පුටුවේ ඉඳගන්න පුළුවන්නම්.. ඒ වාසනාව තියෙනවා නම් මම තීරණයක් ගන්නවා අපේ සේවක සේවිකාවන් සෞදි ආරාබියට යන එක නවත්වන්න.මොකද විසකුරු නයා තියෙන්නෙ එතන." යනුවෙන් ද කියා සිටියා.