Sunday, May 5, 2024

General line - 0115112241

රටට අහිතකර ගිවිසුම්වලට ඉඩ නොතබන බව ජනපති අවධාරණය කරයි




සිය නිල කාලය තුළ රටට අහිතකර කිසිඳු ගිවිසුමකට එළඹීමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරනවා. කිසිඳු විදේශ බලවතෙකුට රට තුළට ඇතුළු වී රටේ ස්වාධීනත්වයට අභියෝගයක් වන අයුරින් වැඩ කිරීමට ඉඩ නොදෙන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

බිබිල මහජන ක්‍රීඩාංගනයේ පැවැති “රට වෙනුවෙන් එකට සිටිමු” මොණරාගල දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. 

දේශපාලන බේදයකින් තොරව රටේ ප්‍රබල දේශපාලනඥයින් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැකීමට ඉදිරිපත්ව සිටින බවයි ජනාධිපතිවරයා මෙහිදි කියා සිටියේ.