Sunday, April 28, 2024

General line - 0115112241

නවසීලන්ත ක්‍රීඩකයෙක් ගෙන් ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ට ආයාචනාවක්

දිනුක් හේවාවිතාරණ




මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා ප්‍රවේශ පත් වෙන් කරවාගෙන සිටින ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ට ඔවුන්ගේ ප්‍රවේශ පත් යලි අලෙවි කරන ලෙස නවසිලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

අවසන් පුර්ව තරගයේදී ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූවේද නවසීලන්ත කණ්ඩායමයි.

මෙවර ලෝක කුසලාන අවසන් තරගයට ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කරනු ඇති බවට විශ්වාසයෙන් බොහෝ ඉන්දීය ක්‍රීඩා ලෝලීන් අවසන් මහ තරගයේ ප්‍රවේශ පත් මිලදී ගැනීම හේතුවෙන් හෙට (14) ලෝඩ්ස් හි පැවැත්වෙන අවසන් තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත නවසීලන්ත සහ එංගලන්ත ප්‍රේක්ෂකයින්ට තරගය නැරඹීමට අවශ්‍ය ටිකට් පත් නොමැතිකම නිසා දැඩි උද්වේගකර තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

ඇතැම් නවසිලන්ත සහ එංගලන්ත ප්‍රේක්ෂකයින් වැඩි මුදලකට හෝ අවසන් මහ තරගයේ ප්‍රවේශ පත් මිලදී ගැනීමට උත්සහ දැරුවත් එයද සාර්ථක නොවන බවයි එරටින් ලැබෙන වාර්තා වලින් දැක්වෙන්නේ.

ඇතිවී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින් සිය රටේ ක්‍රීඩා ලෝලීන් හට අවසන් තරගය නැරඹීමට අවස්ථාව උදාකර දීම සඳහා නවසීලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයෙක් මැදිහත්වී තිබෙනවා.

" ආදරණීය ඉන්දීය ක්‍රිකට් ලෝලීන් වෙත, ඔබට තවදුරටත් අවසන් තරඟය නැරඹීමට අවශ්‍ය නැතිනම් කරුණාකර නිල වේදිකාව (ICC වෙබ් අඩවිය) හරහා ඔබේ ටිකට්පත් නැවත විකුණන්න. මේ අවස්ථාවේදී විශාල ලාභයක් ලබා ගැනීමට ඇතැමුන් උත්සාහ කිරීමට පෙළඹවී සිටින බව මම දනිමි. ධනවතුන්ට පමණක් නොව කරුණාකර සියලු අව්‍යාජ ක්‍රිකට් රසිකයින්ට ද ඒ සඳහා අවස්ථාවක් ලබා දෙන්න කටයුතු කරන්න"  නවසීලන්ත ක්‍රිකට් කණ්ඩයමේ තුන් ඉරියව් ක්‍රීඩක ජේම්ස් නිෂම් සිය ටිවිටර් ගිණුම හරහා සටහනක් තබමින් ඉන්දීය ප්‍රේක්ෂකයින් ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.