Friday, May 10, 2024

General line - 0115112241

සාම සාධක රාජකාරියට ගොස් පැමිණි පොලිසියේ 09කට ස්ථාන මාරු

හේමන්ත කහවලගේ




එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවය කිරීමෙන් පසු නැවත ශ්‍රී ලංකාට පැමිණි පොලිසියේ නිලධාරීන් 09 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. ඒ අතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සිව් දෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරු පස් දෙනෙකු වනවා.

ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් යූ ඒ ද සිල්වා ත්‍රිකුණාමලය කොට්ඨාශයේ සිය කොළඹ අපරාධ කොට්ඨාශය වෙක මාරු කර තිබෙනවා. ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් ආර් එස් ටී කුමාර බදුල්ල කොට්ඨාශයේ සිට මාරු කර ඇත්තේ දකුණූ අපරාධ කොට්ඨාශය වෙතයි.