Sunday, April 28, 2024

General line - 0115112241

හමුදා රථයක් පෙරළී අයෙක් මරුට - 8ක් තුවාල (PHOTOS)

දිනසේන රතුගමගේ




මුලතිව් කේපාපිලව් ප්‍රදේශයේදී අද (14) යුද හමුදා රථයක් පෙරළී යාමෙන් එක් හමුදා භටයෙකු මියගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මියගිය හමුදා සාමාජිකයා තුවාල ලබා මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

තුවාලකරුවන් අට දෙනාගෙන් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද අනෙක් හතර දෙනා සාමාන්‍ය තත්ත්වයෙන් පසුවන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මුලතිව් පොලීසිය හා යුද හමුදා පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදු කරනවා.