Sunday, April 28, 2024

General line - 0115112241

පොලිසියේ අතුරුදහන් වූ ගිනිඅවි 2 සොයන පරීක්ෂණ ගැන ප්‍රදේශවාසීන්ට සැකයක්




පානදුර උතුර පොලිස් ස්ථානයේ තිබූ ටී 56 ගිනිඅවි 02ක් අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර නොදීම සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසීන්ට සැක මතුව තිබෙනවා.

ඉකුත් 06 වැනිදා මෙම ගිනිඅවි දෙක අතුරුදන්ව තිබුණේ මැගසින් 02ක් ද සමගයි. 

මේ සම්බන්ධයෙන් පානදුර උතුර පොලීසියේ නිලධාරියෙකු වැඩ තහනමට ද ලක් කර තිබෙනවා.

එම පොලිස් ස්ථානයේ අදාළ දිනයේ කාර්යභාර නිලධාරියා ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු මෙම ගිනිඅවි 02ක අතුරුදන් වී ඇති බවට හඳුනාගෙන තිබුණා.