Sunday, April 28, 2024

General line - 0115112241

"දෙපැත්තෙම පිරිසක් බයෙන් ඉන්නවා" - SB

රවීන්ද්‍ර විරාජ්/ලහිරු කපුගේ




ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත වුවහොත් ඉන් සිය තනතුරු අහිමිවේ යැයි දෙපාර්ශ්වයේම ඇතැම් පිරිසක් බියකින් පසුවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. බී. දිසානායක පවසනවා. මෙම දෙපාර්ශ්වය අතර පැවැත්වෙන ඉදිරි සාකච්ඡා පිළිබඳ නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා මේ බව ප‍්‍රකාශ කළා. 

මේ අතර අගුණුකොළපැලැස්ස ප‍්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර කියා සිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡාවලින් පසු ජනාධිපතිධූර අපේක්ෂකයා නම් කළ යුතු බවයි. 

දෙපාර්ශ්වය අතර පැවැත්වෙන මෙම සාකච්ඡා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. එම්. චන්ද්‍රසේන ද මාතලේදී මාධ්‍ය වෙත අදහස් පළ කළා. ඔහු කියා සිටියේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම අවස්ථාවේ ගරු කරන්නේ ජනමතයට බවයි.