Sunday, April 28, 2024

General line - 0115112241

දෝෂාභියෝගයක් ගෙන ඒම විහිලුවක් බව පොහොට්ටුව කියයි

කසුන් කැළුම් /ලහිරු කපුගේ




තවත් මාස කිහිපයකින් ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත බැවින් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම විහිළුවක් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඔහු, ඒ පිළිබඳ මෙලෙස කරුණු දැක්වුවා.

"ජනාධිපතිවරණයට ඉතාම කෙටි කාලයක් තිබියදී එක්සත් ජාතික පක්ෂය දෝෂාභියෝගයක් ගැන කතා කරන්නේ විහිලු සපයන කතාවක්. දෝෂාභියෝගයක් ගේන්න ගත කරන කාලය ගත වෙද්දි ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වෙයි." 

එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්තී‍්‍රවරුන් එවැනි දෝෂාභියෝගයක් ගෙන එන්නේ නම් ඊට මුහුණ දීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සූදානම් බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලසන්ත අලගියවන්න ප‍්‍රකාශ කළේ. 

ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන්නේ නම් ඊට එක්සත් ජාතික පක්ෂයේ සියලූ මන්තී‍්‍රවරුන් සහයෝගය ලබා දීමට සූදානම් බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර තුෂාර ඉඳුනිල් නෙත් නිවුස් වෙත පැවසුවේ.