Wednesday, May 1, 2024

General line - 0115112241

මහ ගංවතුරට කොටුවූ දුම්රියක සිටින මගින් 700ක් බේරා ගැනීමේ මෙහෙයුමක් (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




ඉන්දියාවේ මුම්බායි බලා ගමන් කරමින් තිබෙන දුම්රියක සිරවී සිටින මගීන් 700 දෙනෙකු බේරා ගැනීමේ මෙහෙයුමක් එරට ආරක්ෂක අංශ සහ ජීවිතාරක්ෂක කණ්ඩායම් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

කොලහාපුර් සිට මුම්බායි බලා එමින් තිබු දුම්රියක් මෙලෙස හදිසි ජලගැලීම් තත්ත්වය හේතුවෙන් මුම්බායි නගරයට කිලෝමීටර් 60 ක් පමණ දුරින් නතර කර ඇත්තේ ඊයේ (26) සවස සිටයි. පුරා පැය 15 කට ආසන්න කාලයක් තමන්ට බිමට ජලය හෝ ආහාරයට කිසිවක් නැති බව පවසමින් දුම්රියේ රැඳී සිටින ඇතැම් මගින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වීඩියෝ පවා පළකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.

දුම්රිය නවත්වා ඇති ස්ථානයේ සිට මුම්බායි දුම්රිය ස්ථානය දක්වා වැටී ඇති මාර්ගය අඩි 5-6ත් අතර ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් දුම්රියේ සිටින මගින් බේරා ගැනීම සඳහා ඉන්දීය ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් සහ ජීවිතාරක්ෂක බළකායේ සාමාජිකයින් සමග බෝට්ටු 06ක් එම ස්ථානයට යොමු කිරීමට පියවර ගෙන ඇති බව මහරාෂ්ඨ ප්‍රාන්ත මහ ඇමතිවරයා සඳහන් කර සිටිනවා. 

පසුගිය දින කිහිපය පුරා ඉන්දියාවේ මුම්බායි ඇතුළු දිස්ත්‍රික් කිහිපයකට ඇද හැලෙමින් පවතින අධික වර්ෂාව නිසා මේ වන විට ප්‍රදේශ රැසක් මේ වන විට ජලයෙන් යටවී පවතින බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කර සිටින්නේ. මේ හේතුවෙන් මුම්බායි ගුවන් තොටුපලේ ගුවන් ගමන් කටයුතු වලට පවා බාධා එල්ලවී ඇති අතර නගරයේ වාහන ධාවනය කිරීමට නොහැකි අයුරින් ජලයෙන් යටවී ඇති බව සඳහන්.