Saturday, April 27, 2024

General line - 0115112241

ති‍්‍රපිටක සංරක්ෂණයට මණ්ඩලයක් පත් කරයි

හර්ෂිකා සංජීවනි




ති‍්‍රපිටකය නැවත මුද්‍රණය හෝ සංස්කරණය පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් ති‍්‍රපිටක සංරක්ෂණ මණ්ඩලයක් පත් කර තිබෙනවා.

එම මණ්ඩලය, මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන්, අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී හිමියන් ඇතුළු නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් හා ගිහි පැවිදි සාමාජිකයින් 43 දෙනෙකුගෙන් යුක්තයි.

එම මණ්ඩලයේ සාමාජිකයින් වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. ඒ අනුව ඉදිරියේදී ති‍්‍රපිටක සංරක්ෂණ මණ්ඩලයේ අනුමැතියකින් තොරව ති‍්‍රපිටකය නැවත මුද්‍රණය හෝ සංස්කරණය සම්පූර්ණයෙන්ම තහනම් වනු ඇති.