Sunday, May 5, 2024

General line - 0115112241

රුහුණේ සංවර්ධනයට නව පනතක් සම්මත කර ගත්තා : අගමැති

තරංග රුක්ෂාන් ජයසේකර




හම්බන්තොට වරාය හා සම්බන්ධ ආර්ථික කලාපය බිහි කිරීමට අදාළව රුහුණු ආර්ථික සංවර්ධන නමින් වූ පනත් කෙටුම්පතක් සම්මත කර ගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ, මොණරාගල අද (03) පැවැති උත්සවයකට එක්වෙමින්. 

රටේ ආර්ථිකය දැන් ශක්තිමත් වෙමින් ඇතැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. 

ගොවි ජනතාවගේ නිෂ්පාදනවලට ඉහළ මිලක් ලබා ගැනීමට හැකි වන පරිදි කෘෂි ආර්ථිකයේ නවීකරණයක් ද ආරම්භ කර ඇති බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ.