Sunday, May 5, 2024

General line - 0115112241

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී මාරක අනතුරක් - 52ක් රෝහලේ




බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අද (04) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

අද අලුයම 5.15ට පමණ කළුතර උතුර පොලිස් වසමේ ගාල්ල කොළඹ මාර්ගයේ වස්කඩුව හංදිය අසළදී ඇල්පිටිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් තවත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් ගාල්ල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් මේ වන විට තුවාලකරුවන් 52ක් කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාලකරුවන් අතර පිරිමි පුද්ගලයින් 43ක් සහ කාන්තාවන් 08ක් කුඩා දරුවෙකු සිටින බවයි පොලිසිය සඳහන් කළේ. මියගොස් ඇති පිරිස අතර කාන්තාවන් 03 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 03 දෙනෙකු වනවා.